බුදු පිළිම කැඩූ සැකකරුවන්ගේ පවුල්වලට ලක්ෂ 20ක් බෙදලා

April 30, 2020

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්ට ලබාදීම සදහා සහරාන් විසින් දී ඇති රුපියල් ලක්ෂ 20 ක මුදලක් එම සැකකරුවන්ගේ පවුලේ සාමාජිකයින්ට බෙදා දුන් සහරාන්ගේ සමීපතයෙක් වන කෝටිපති ව්‍යාපාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මාවනැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් සියාම් (49) නැමැති මාවනැල්ලේ හිගුල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගොඩනැගිලි ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් වන සැකකරු සහරාන්ගේ සමීපතමයෙක් බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

t

o

p