කොරෝනා වසංගතය නිසා පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පෙර ගම්බිම්වලට ගිය පොලිස් නිලධාරීන් මෙතෙක් සේවයට නොපැමිණීම නිසා උතුරේ පොලීසිවලට කොටුවී සිටින පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම නිලධාරීන් කියා සිටින්නේ නිවාඩු ගිය නිලධාරීන් ආපසු උතුරු පළාතට පැමිණීමට ප‍්‍රවාහන පහසුකම් නොමැති බව දන්වා ඔවුන්ගේ ගම්මාන අසල පිහිටි පොලිස් ස්ථාන වල රාජකාරී කරන බවයි.
උතුරු පළාතෙන් නිවාඩු ගිය නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමට ක‍්‍රියා නොකිරීම නිසා දැනට උතුරට කොටු වී සිටින පොලිස් නිලධාරීන්ට ප‍්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුව ඇති බවද කියා සිටිති.