පාර්ලිමේන්තුව නොකැදවන හේතුව මෙන්න

April 25, 2020

පාර්ලිමේන්තුව නොකැදවන ලෙස විශෙෂයෙන්ම තමන් ඉල්ලා සිටින්නේ විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස සිටින නිසාවෙන් බව මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් ජනාධිපති ප්‍රමුඛ රජයට දැනුම් දී ඇත.


ඔහු විපක්ෂ නායක ධූරයේ සිටිනතාක් මොනම හේතුවක් නිසාවත් පාර්ලිමේන්තුව නොකැදවන ලෙස මහා සංඝරත්නය ප්‍රමුඛ විද්වතුන් රජයෙන් ඉල්ලා තිබේ.


විපක්ෂ නායක ධූරයේ සජිත් ප්‍රේමදාස වෙනුවට වෙන කෙනෙක් සිටියේ නම් ගැටලුවක් නොමැති බවත් මොවුන් මෙලෙස පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලන්නේ ආණ්ඩුව පෙරලා රට අස්ථාවර කිරීමට බවත් විද්වතුන් කියා ඇත.


සජිත් ප්‍රේමදාස යනු දේශපාලන වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයකු බැවින් පාර්ලිමේන්තුව කිසිසේත් නොකැදවන ලෙස ඉල්ලා ඇති මහාසංඝරත්නය පවතින පාලන ක්‍රමය කොරෝනා අවසන් වන තුරු පවත්වාගෙන යන ලෙසද ඉල්ලා තිබේ.


ඉකුත් දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ මහා සංඝරත්නය එම හමුවේදිත් ඉන් පසුව පෞද්ගලිකවත් මෙම ඉල්ලීම කල බව ඊට සසහභාගි වූ භික්ෂූන් වහන්සේ නමක් කීහ.

t

o

p