හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන වල ක්‍රියාකාරීත්වයේ ඉහල යාමක්

April 25, 2020

COVID-19 වයිරස තත්වය යොදාගනිමින් සිදුවන සයිබර් ප්‍රහාර ඉහල යාමක් මේ දිනවල පෙන්නුම් කරනු ලබන අතර සයිබර් ආරක්ෂණ ආයතයක් විසින් හතලිස් දහසකට අධික COVID-19 සයිබර් තර්ජන හදුනාගැනීමට සමත්වී තිබෙනවා.

සයිබර් ප්‍රහාර සිදුකිරීමට නිර්මාණය කර තිබෙන මෙම වෙබ් අඩවි වලට පිවිසෙන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත, මුරපද සොරාගැනීමට සහ අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමට සයිබර් ප්‍රහාරකයන් විසින් කටයුතු කරනු ලබයි. 

ශ්‍රී ලංකාවෙහිද මෙවැනිම ආකාරයේ සයිබර් තර්ජන වල ඉහල යාමක් දැකගත හැකි අතර සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින මුහුණු ආවරණ, Sanitizer වැනි භාණ්ඩ නොමිලේ ලබාදෙනවා යැයි පවසා පෞද්ගලික දත්ත රැස් කිරීමේ වෙබ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබී ඇත.

තවද “free COVID-19 testing” නම් ඊමේල් පණිවිඩයක් මුවාවෙන් Trickbot වැනි අනිෂ්ට මෘදුකාංග පරිශීලකයාගේ පරිගනයකයට ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල ක්‍රියාත්මක වන අතර මෙවැනි ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබුනුහොත් එය විවෘත කිරීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දෙමු. 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

t

o

p