ළදරු එන්නත් නිසි පරිදි දෙන්න වැඩපිළිවෙළක් යොදන්න

April 25, 2020

ඇඳිරිනීතිය නිසා නියමිත එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින ගම්පහ දිස්ත‍්‍රික්කයේ කුඩා දරුවන්ට අවශ්‍ය එන්නත් ලබා දීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සහාය ලබා ගන්නා ලෙසද ඇමතිවරයා මෙහිදී අදාල අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොවිඞ් – 19 නිවාරණය සඳහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේ දී මෙම තීරණයට එළඹිණ.

t

o

p