වැලිසර නාවිකයන් 4000කට පී.සී.ආර් පරීක්‍ෂණ

April 25, 2020

වැලිසර පිහිටි නාවික හමුදා කඳවුරේ නාවිකයන් හාරදහසකට ආසන්න පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව නාවික හමුදා මාධ්‍ය අංශ සදහන් කරයි.

එසේම නිවාඩු මත සිටි නාවිකයන් අතරින් ආසාදිත නාවිකයන් ඇසුරු කිරීම මත හඳුනාගත් නාවිකයන් ද නැවතත් කඳවුරට ගෙන්වා ගෙන තිබෙන බවත් සඳහන්වේ.

සෞඛ්‍යමය හේතූන් මත වැලිසර පිහිටි නාවික හමුදා කඳවුර පරිශ‍්‍රය හුදකලා කිරීමටත් පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම මත සැලසුම් සහගතව ඉදිරි පියවර ගැනීමට නාවික හමුදාව දැනටමත් කටයුතු කර ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය අංශ පවසයි.

t

o

p