බ්‍රිතාන්‍ය ප්‍රථම එන්නත අත්හදා බලයි

April 24, 2020

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් විසින් කොවිඩ් – 19 වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා වන එන්නතක් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම එන්නතේ පළමු මිනිස් අත්හදා බැලීම ඊයේ ආරම්භ කළ බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

එන්නතේ අත්හදා බැලීම් ආරම්භ කරනු ලැබුවත් කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීම ප්‍රමාද වේය යන උපකල්පනය මත ලබන වසර දක්වා මේ වන විට පනවා ඇති සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි Chris Whitty කියා සිටියේ “ඉදිරි දින දර්ශනයේ ඕනෑම වේලාවක එන්නතක් හෝ ප්‍රතිකාරයක් ලබා ගැනීමේ සම්භාවිතාව ඉතා අල්ප ”බවයි.

මානව එන්නත අත්හදා බැලීම ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජෙනර් ආයතනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලබයි.

t

o

p