ජා-ඇල ඒකල අභිනවාරාම පාරේ අභිරහස් මරණයක්

April 23, 2020

අධික ලෙස රුධිරය වහනය වීම නිසා අභිරහස් ලෙස නිවස තුල මියගිය පුද්ගලයකුගේ මල සිරුරක් පිළිබඳව ජාඇල පොලිසියට 22දා උදෑසන ලද තොරතුරක් අනුව පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇතමෙලෙස නිවස තුල මියගොස් ඇත්තේ ජාඇල ඒකල අහිනවාරාම පාරේ අංක 38 නිවසේ පදිංචි තන්ගයියා පෝල් රාජ්(50) නැමති විවාහක පුද්ගලයකු බව පොලිසිය පවසයි  .

ඝාතනයක් යැයි සැක ඇති මෙම මරණය සම්බන්ධ ව මියගිය පුද්ගලයාගේ සහෝදරයා ව ජාඇල පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සදහා පොලිස් භාරයට ගෙන ඇත  .ප්‍රදේශවාසීන් පවසන්නේ මිය ගිය අයගේ සොයුරා රජයෙන් රුපියල් 5000  සහනාධාරය ලැබුණු පසු 21දා රාත්‍රී මත්පැන් පානය කරමින් සිටි බවයි. මිය ගිය අය ද සිය සොහොයුරා සමග මත් පැන් පානය කරන්න ට ඇතැයිද පොලිසිය සැක කරයි.

මිය ගිය අය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ක් පැවැත්වීම ට නියමිත අතර  මෙම මරණය ඝාතනයක් ද යන්න පිළිබඳව ජාඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත තිබ්බටුමොනුව මහතාගේ ප්‍රධානත්වයෙන් පුලුල් පරීක්ෂණය ක් ආරම්භ කර ඇත.

t

o

p