විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන ටෙලිෆෝනය ලකුණ දරන සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට නාම යෝජනා දුන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම යළි පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සදහන් කරයි.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා බාරදුන් පිරිස සමග පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සාකච්ඡා ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිවය.
ටෙලිෆෝනය ලකුණින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්යෙන් නාම යෝජනා දී යළි එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන පිරිසට හිටපු ඇමතිවරුන් 06 ක් හා මන්ත්‍රීවරු 9 ක් සාකච්ඡා ආරම්භ කර තිබේ.
මහ මැතිවරණය කල් යාමත් සමග ඇතිව තිබෙන දේශපාලන පසුබිම, කොරෝනා නිසා මැතිවරණ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම කරුණු පදනම් කරගනිමින් මේ පිරිස එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කර ඇත.
එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග පවත්වන සාකච්ඡාවෙන් අනතුරුව මෙම පිරිස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.
අංජුල මහීක වීරරත්න