මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදි අපේක්ෂක අංක වෙනුවට අලියා ලකුණ

April 22, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදි අපේක්ෂක අංක වෙනුවට අලියා ලකුණ මුල්කර ගෙන ඡන්ද ව්‍යාපාරය දියත් කිරිමට එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානය යොමුව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ලාංඡනය වන අලියා ලකුණ පක්ෂය ආරම්භ වූ 1947 සිට දශක ගණනාවක් නිදහස් ශ්‍රී ලංකාවේ පැවැති සියළු මැතිවරණවලට ඉදිරිපත්ව ඇති නිසා ජනතාව අතරට අලුතින් ගෙනයාම කළයුතු නොවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වී තිබේ.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර පැවැති මැතිවරණවලට තරග කළ ආකාරයට මනාප පෙරයට නොගොස් මැතිවරණයට ඉදිරිපත්විමට එක්සත් ජාතික පක්ෂය ද මෙවර සැලසුම් කර ඇත.

පවතින මැතිවරණයේදි සාමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය මුලික කරමින් පැවැත්වීමට සිදුවන නිසා මාධ්‍ය ස්වාධිනව පවත්වාගෙන යාමට මැදිහත් වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිමට ද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

පෞද්ගලික මෙන්ම රජයේ මාධ්‍යද අපක්ෂපාතිව කටයුතු කල යුතු බවට මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දීමට ද පක්ෂය සැලසුම් කර තිබේ.

අංජුල මහික වීරරත්න

t

o

p