පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු තවත් බෝම්බ ප්‍රහාර මාළාවක් එල්ල කිරීමේ සැලැස්මක් ගැන තොරතුරු හෙළිවෙයි

April 21, 2020

2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව මෙරට දෙවැනි වරටත් ප්‍රහාර මාළාවක් එල්ල කිරිමට සහරාන් හෂීම් ගේ කණ්ඩාම සැලසුම් කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදි ඔහු මේ බව අනාවරණය කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකල විමර්ශන වලදී ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් එම ප්‍රහාරය දියත් කිරිමට සැලසුම් කළ පිරිස් පිලිබඳ මේ වන විට කරුණු හෙළිවී ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදුන බවට ප්‍රචාරයක් යවා ඇත්තේ විමර්ශකයන් නොමග යැවීමට බවයි එවැනි ක්‍රියාවක් සිදුකර ඇති බවට කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලදී හෙළිවී ඇත.

දකුණු ආසියාවේ රටක ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකොට එයින් පළා එන ත්‍රස්තවාදීන් කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සඟවා ගෙන ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට ද මෙම කණ්ඩායම සාකච්ජා කොට ඇති බවට වන කරුණු ද අනාවරණය වී ඇති බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

t

o

p