අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට වසරක්

April 21, 2020

කිතුණු ජනතාවට මෙන්ම මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ගේ අඳුරු මතක අතරට එක් වූ 2019 අප්‍රේල් 21 ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසරක් සපිරේ.

ප්‍රහාරයෙන් මිය ගිය සිය දූ දරුවන්, කලත්‍රයින් සහ ඥාතීන් ගැන සිතමින් සෝ සුසුම් හෙළන පිරිස් වගේම තුවාල ලැබ ආබාධිත වූ පිරිස් අදටත් ඒ අඳුරු මතකයන් සමග දිවිගෙවන්නේ මොහොතින් මොහොත මතකයට නැගෙන බිහිසුණු මතකයන් සමගයි.

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනී දේවස්ථානය, මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය, මඩකලපුව සියෝන් දේවස්ථානය සහ ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටල් ඇතුළු දිවයිනේ ස්ථාන 7 ක්, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත් විය.

බහුතරයක් කතෝලික ජනතාව සහ විදේශීය සංචාරකයින් ද ඇතුළු පුද්ගලයින් 250 කට වැඩි පිරිසකට ත්‍රස්ත ප්‍රහාරවලින් දිවි අහිමි වූ අතර තව ත් පිරිසක් ආබාධිතයින් බවට පත් විණි.

t

o

p