මහමැතිවරණය කඩිනමින් පවත්වන්න නම් කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගතයුතුයි

April 17, 2020

මහමැතිවරණය කඩිනමින් පවත්වන්නේ නම් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දෙන උපදෙස් අකුරටම පිළිපැද කොරෝනා වලින් රට සම්පූර්ණයෙන්ම මුදාගත යුතුයැයි එක්සත් ජාතික පක්ෂය කියයි.

දේශපාලන උඩගුකම් පෙන්වමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම වසංගතය රටපුරා පැතිරයාමට හේතු වෙතියිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා කොරෝනා වසංගතය පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු අනාවරණය කර අඅවශ්‍ය වෛද්‍ය උපකරණ ඉන්දියාවෙන් ගෙන්වීමට මැදිහත් විය හැකි යැයි කියු අවස්ථාවේ එය හාස්‍යයට ලක් කළ  රජය කිසිවක් නොකළ බවද එක්සත් ජාතික පක්ෂය පවසයි.

මහමැතිවරණය නියමිත දිනට පැවැත්විමට තිබු අවස්ථාව නැති කළේ රජය විසින්ම යැයිද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් කියා සිටියි.

ඉහත පසුබිම යටතේ මහමැතිවරණය පවත්වන්නේ නම් දිනකට පරීක්ෂණ දසදහසක් වත් කළ යුතුව තිබිණැයි ද එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සදහන් කර සිටියි.

අංජුල මහික වීරරත්න

t

o

p