සිංහල හින්දු අලුත් අවුරුද්දු චාරිත්‍ර

April 13, 2020

නව අවුරුදු උදාව අද අපරභාග 8.23 ට යෙදී තිබේ.

පුණ්‍ය කාලය යෙදී ඇත්තේ අපර භාග 1 . 59 සිට පසුදින අලුයම 2. 47 දක්වායි.

ඒ අනුව අද අපරභාග 1.59 ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව ජ්‍යෝතීෂ්‍යයේ දැක්වේ.

අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අපරභාග 10.05 ටයි.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කර ගැනීම සුදුසු බව ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් ය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත අපරභාග 10.43 ට යෙදී තිබේ.

ජ්‍යෝතීෂ්‍යයේ දැක්වෙන්නේ සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු බවයි.

අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත ලබන 15 වැනි බදාදා පූර්ව භාග 9.17 ට යෙදී තිබේ.

නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යැයි ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් ය.

නව වසරේ රැකි රක්ෂා සදහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ ලබන 17 වැනි සිකුරාදා පූර්වභාග 7.56 ටයි.

ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරි බත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්වයාම සුදුසු බව ජ්‍යෝතීෂ්‍යයේ දැක්වේ.

පැළ සිටුවීමේ නැකත ලබන 19 වැනි ඉරිදා පූර්වභාග 11.38 ට යෙදී තිබේ.

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම යොග්‍ය බව ජ්‍යෝතීෂ්‍යයේ සඳහන් ය.

t

o

p