සජිත් යළිත් සිය කණ්ඩායම පාවා දෙයි

April 6, 2020


පක්ෂ නායක හමුවේදී පාර්ලිමේන්තුව යළි රැස්කරවීම සම්බන්ධයෙන් කතා කරමු යැයි  විපක්ෂයේ පක්ෂ නායකයන් කිහිප දෙනෙකුට පොරොන්දු වූ සජිත් ප්‍රේමදාස මහතා එය ඉටු නොකිරීම පිළිබඳව එම පක්ෂ නායකයෝ තමන් යළිත් රැවටුන බව කියමින් ඉන් පිටව ගොස් ඇත.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති පක්ෂ නායක හමුවේ දී පාර්ලිමේන්තුව යළි රැස්කරවීම ගැන කතා කරමු යැයි සජිත් ප්‍රේමදාස මහතා ජාතික හෙල උරුමයේ මහ ලේකම් පාඨලි චම්පික රණවක, දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් සමග සාකච්ඡා කර තිබේ.


පාඨලි චම්පික රණවක මහතාද කියා ඇත්තේ තමන්ද මේ පිලිබඳව සාකච්ඡා කිරීමට සුදානම්ව පැමිණෙන බවයි. ඉකුත් 02 දා පැවැති මෙම පක්ෂ නායක රැස්වීමට පෙර මෙලෙස විපක්ෂයේ පක්ෂ නායකයන් සමග සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡා කලත් පක්ෂ නායක රැස්වීමේදී ඔහුවත් චම්පික රණවකවත් පාර්ලිමේන්තුව රැස් කරවීම ගැන වචනයක්වත් කතා කලේ නැත.

ඔවුන් කතා කරාවි යැයි සිතා කතා කලේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා පමණකි. ඔහුගේ කතාවට එරෙහිව විමල් වීරවංශත්, උදය ගම්මන්පිලත් පතුරු යන්නට ගසද්දී හිටපු විපක්ෂ නායකයා සුමන්තිරන් මන්ත්‍රිවරයා රැකගැනීමට වචනයක් හෝ කතා කලේ නැත.


සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකවරයා බෙහෙත් ගැන කතා කලා මිස වෙන කිසිවක් කතා නොකිරීම නිසා සුමන්තිරන් මන්ත්‍රිවරයා දැඩි කල කිරීමට පත්ව ඇති අතර ඔහු මේ ගැන කලකිරීමෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සමග කතා කර ඇත.

මේවා අපට හොද පාඩම් යැයිද සුමන්තිරන් මන්ත්‍රිවරයා කියා තිබේ. හිටපු විපක්ෂ නායකයා බෙහෙත් ගැන කතා කලත් චම්පික රණවක මන්ත්‍රිවරයා වචනයක්වත් එම රැස්වීමේදී කතා කර නැත.


කෝරෝනා වෛරසය පාලනය කිරිමට ගතහෙකි පියවර සම්බන්ධයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම පැය දෙකකට අධික කාලයක් පැවැත්විනි .

t

o

p