දිස්ත්‍රික්ක 19ක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

April 6, 2020

දිස්ති‍්‍රක්ක 19 ක් සඳහා පැනවූ ඇදිරි නීතිය අද (06) උදෑසන 6.00 ට ලිහිල් කෙරුණා. මෙලෙස ඇදිරි නීතිය ලිහිල් කෙරුණේ කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්කයි.

එම දිස්ති‍්‍රක්කවලට ලිහිල් කෙරුණු ඇදිරි නීතිය පස්වරු 2.00 ට යළි පැනවීමට නියමිතයි. මෙම දිස්ති‍්‍රක්කවලට පැනවෙන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පොලිස් මූලස්ථානය කියාසිටියේ.  

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ති‍්‍රක්ක සදහා කි‍්‍රයාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව බලාත්මක වනවා.

t

o

p