මහමැතිවරණය කඩිනමින් පැවැත්වීමට නම් රටේ සියළු පුරවැසියන් පරික්ෂා කරන්න

April 4, 2020

මහමැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නම් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති දැයි සොයා රටේ සියළු පුරවැසියන් පරික්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.


රටපුරාම වසංගතයක් ලෙස පැතිර ඇති කොරෝනා වෛරසය පරික්ෂා කිරීමට අවශ්‍ය උපකරණ, සේවයකයන් සොයා ගැනීම සොයා ගැනීම රජය සතු ප්‍රධින අභියෝගය යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.


එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කරුණ පෙන්වා දෙනු ලැබූවේ පාර්ලිමේන්තුවේ හිටපු පක්ෂ නයකයින්ගේ සර්ව පාක්ෂික සමුළුවේදීය.


ජනතාවට බියෙන් සැකෙන් තොරව මහ මැතිවරණයේදි ඡන්දය භාවිතා කිරිමට නම් ඉහත පරික්ෂණය කළයුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.


රටපුරාම වසංගතයක් ලෙස පැතිරගොස් ඇති කොරෝනා ආසාදිතයන් නිසි  ලෙස හදුනානොගෙන මහ මැතිවරණය පැවැත්විය නොහැකි යැයිද ඒ මහතා පෙන්වා දෙයි.


කොරෝනා වෛරසය හදුනා ගැනිමේ වැදගත්කම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයා පෙන්වා දුන් කරුණු ගැන සොයා බලන්නැයි අත්‍යවශ්‍ය ආහාර පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම අවස්ථාවේදීම දැනුම දී තිබේ.

අංජුල මහික වීරරත්න

t

o

p