එජාපයත් කොරෝනා පාලනයට පියවර ගනියි

April 2, 2020

කොරෝනා වසංගතයක් ලෙස සීග්‍රරයෙන් පැතිර යන බස්නාහිර පළාතේත්, වතු ජනතාව ජීවත් වන ප්‍රදේශයන් සොයා බලා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.


එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහි අධික්ෂණ කටයුතු එ.ජා.ප උපනායක රවී කරුණානායක මහතා වෙත පවරනු ලැබ තිබේ.


වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු පවරා ඇත්තේ එ.ජා.ප ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වෙතය.


කොරෝනා වෛරසය වසංගතයක් ලෙස පැතිරෙන බස්නාහිර පළාත් සහ වතු ජනතාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවී කරුණානායක හා නවීන් දිසානායක යන මහත්වරුන් විසින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

අංජුල මහීක වීරරත්න 

t

o

p