කොරෝනා පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන්න

April 2, 2020

කොරෝනා වසංගතය පැතිරීයාම පරීක්ෂා කිරීමට අදාළ පරීක්ෂණ උපකරණ හැකි තරම් ගෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.

කොරෝනා වසංගතය හමුවේ කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක් නොකරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හා ආසන සංවිධායකවරුන්ට පෞද්ගලිකවම නියෝග නිකුත් කර තිබේ.

පළාත් පාලන ආයතන මගින් කොරෝනා වසංගතයට එරෙහිව පියවර ගන්නා අවස්ථාවලදී දේශපාලන වාසි ගැනීමට හෝ දේශපාලනයක් කිරිමට කටයුතු නොකරන ලෙසද හිටපු අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල සදහන්ය.

යම්කිසි පළාත් පාලන ආයතනයක් කොරෝනා රෝගීන් වෙනුවෙන් හා වෛරසය පැතිරයාමට එරෙහිව සෞඛ්‍ය අංශ ගන්නා ක්‍රියාමාර්ගවලට මුළුමනින්ම කිසිදු දේශපාලනයකින් තොරව සියලු මන්ත්‍රිවරුන් සම්බන්ධ කරගෙන කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල වැඩිදුරටත් සදහන්ය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව කොරෝනා වසංගතයක් ලෙස පැතිර යන බස්නාහිර හා වතුකරයේ ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ සහන වැඩපිළිවෙළක් ලබන සදුදා සිට ආරම්බ කිරීමට නියමිතව තිබේ.

අංජුල මහීක වීරරත්න 

t

o

p