ලංගමයේ සේවකයන්ට “මාස්ක්” ඉල්ලයි

April 2, 2020

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ සැම දිස්ත්‍රික්කයකම රාජකාරි කටයුතුවලට කැප වී ක්‍රියා කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම ) රියදුරන්,කොන්දොස්තරවරුන් හා කාර්මික ශිල්පීන් හට කොරෝනා වයිරසයෙන් මිදීම සඳහා මුහුණු ආවරණ (මාස්ක්ස් ), අත්වැසුම් හා අනෙකුත් වෛද්‍ය පහසුකම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති කාර්ය සාධන බළකාය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.

රට තුළ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට දැඩි කැප කිරීමක් සිදු කරමින් ඒ සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් ඇතුළු සියලු අත්‍යවශ්‍ය සේවාවල සේවකයින් අදාළ ස්ථානවලට ප්‍රවාහනය කරනු ලබන ලංගම සේවකයින්ට අදාළ මෙවලම් ලබා දීමට බළධාරීන් කටයුතු කළ යුතු බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි.

t

o

p