ශ්‍රී ලංකාවේ තෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

April 2, 2020

නව කොරෝනා වෛරසය වැලදී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් නව ජිවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(01) රාත්‍රියේ දී සිදුවූ මෙම මරණය ශ්‍රී ලංකාවේ තෙවන කෙරෝනා මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.  

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් වූ කොළඹ මරදාන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි. 

මෙම රෝගියා දියවැඩියාව, අධික රුධිරපීඩනය, දීර්ඝකාලීන වකුගඩු අඩපණ වීම ආදී රෝග තත්ත්වයන්ගෙන් පෙළී තිබේ.   

රෝගියා රෝහල්ගත වී ඇත්තේ රෝගය උත්සන්න වී ඇති අවස්ථාවේදී බව සදහන් වේ. 

t

o

p