ඇඳිරිය කැඩුවොත් නීතිය තදින්

April 1, 2020

සේවා හැඳුනුම්පත‍්‍රයක් හෝ ඇඳිරි නීති බලපත‍්‍රයක් නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය සියලූම පොලිස් ස්ථානවලට දැනුම් දී ඇත.

ඒ අනුව සේවා හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත‍්‍රයක් ලෙස පාවිච්චි කරන අය හැර ඇඳිරි නීති බලපත‍්‍ර නොමැතිව මාර්ගවල ගමන් ගන්නා සියලූම පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීම පොලිසිය ඊයේ (31 වැනිදා) සිට ආරම්භ කර තිබේ.

කොරෝනා වෛරසය රට පුරා දරුණු අන්දමින් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බැවින් එය වැළැක්වීම සඳහා මෙම කි‍්‍රයා මාර්ගය ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.


 

t

o

p