ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට පොදු සමාකාලයක්

April 1, 2020

ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ. එරට සේවය කරන එහෙත් නීත්‍යානු ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයන්ට සිය කැමැත්තත මත මෙම පොදු සමාකාලය තුල ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) ලක්ෂ 4 හා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3 බැගින් අයකෙරේ.

t

o

p