ආදායම් මාර්ග අහිමි වූ පුද්ගලයින්ට කඩිනම් සහන

April 1, 2020

එදිනෙදා රැකියා කරමින් මුදල් උපයාගත් පුද්ගලයින්ගේ ආදායම් මාර්ග පවතින කොරෝනා වෛරස වසංගතය හමුවේ ඇනහිට ඇති බැවින් ඔවුන්ට සහන සැලසීම සඳහා වහාම පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මෙවැනි පුද්ගලයින්ගේ තොරතුරු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කඩිනමින් ලබාගන්නා ලෙස තමා උපදෙස් දුන් බවත්, ඉන්පසු ඔවුනට වියළි ආහාර නොමිලේ ලබාදීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

t

o

p