රුධිර සංචිත සීඝ්‍රයෙන් පහලට

March 20, 2020

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.

රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයක්. මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි.

අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය අමතන්න.

දුරකථන අංකය වන්නේ 0115332153 .

t

o

p