ප්‍රේක්ෂකයන් නොමැතිව ඔලිම්පික් ගිනිසිළුව දැල්වීමට තීරණයක්

March 12, 2020

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන ප්‍රේක්ෂකයන් නොමැතිව දැල්වීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ඔලිම්පික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති අතර තරගාවලි රැසක් නවතා දැමීමට සහ කල් දැමීමට එය හේතුවී තිබේ.

t

o

p