උපාධි සිහිනය බොඳ කළ සරසවි ජ්‍යෙෂ්ඨයින් 05 ක් අත්අඩංගුවට

March 12, 2020

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර ටයරය තල්ලුකළ බව කියන සිසුවාද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මිනුවන්ගොඩ, දෙවලපොල පදිංචි පසිදු හිරුෂාන්ගේ තත්ත්වය ඊයේ දිනයේ යහපත් අතට හැරෙමින් තිබුණ ද අද එම තත්ත්වය යළි අයහපත් අතට හැරී  තිබෙනවා. ඔහු තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ විශේෂ ප්‍රතිකාර සදහා යොමුකර තිබෙන බවයි ජාතික රෝහලේ නිලධාරීන් සඳහන් කළේ.

t

o

p