නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

March 12, 2020

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.  

ඒ අනුව 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද(12) සිට ලබන 19 වනදා දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී සිදු කෙරේ.  

එම නාම යෝජනා බර ගන්නා ස්ථානයන් හි මහජනයා හැසිරවීමට, රථ වාහන පාලනයට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

t

o

p