එ. ජා. ප. නායක ගෝලීය අර්බුද පිලිබද සමුළුව ඇමතීමට පිටත්ව යයි

March 5, 2020

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වර්ල්ඩ් ඊස්ට් වන් නිව්ස් (world east one news ) ආයතනය සංවිධානය කරන ගෝලීය අර්බුද පිලිබද සමුළුව ඇමතීම සදහා ඊයේ (04) රාත්‍රියේ දිවයිනින් පටත්ව ගියේය.

වර්ල්ඩ් ඊස්ට් වන් නිව්ස් සංවිධානය කරන සමුළුවේ මුඛය දේශනය රනිල් වික්‍රමසිංහ මහතා පවත්වන අතර ලෝක නායකයින් රැසක් මේ අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

ගෝලීය අර්බුද පිලිබද සමුළුව ඇමතීමෙන් අනතුරුව විද්වත් මණ්ඩල සාකච්ඡාවට ද සහභාගි වීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා යලි හෙට දිවයිනට පැමිණීමට නියමිතය. 

t

o

p