ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ එළිදක්වයි

March 3, 2020

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ කීර්තිමත් වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සිය සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හි විප්ලවීය වෙනසක් සිදු කරමින් නවතම සන්නාම වීඩියෝව වන ‘Ode to Paradise’ වීඩියෝව One Galle Face හි PVR සිනමා ශාලාවේ දී පසුගියදා එළිදැක්වීය.

‘Ode to Paradise’ නම් වූ මෙම නව නිෂ්පාදනය ‘බ්ලූ වෝටර්ස්’ තනු නිර්මාණය හරහා පැරණි මතකයන් ආවර්ජනය කෙරේ.

  ජැක්ලින් ෆර්නැන්ඩස්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, පීටර් කුරුවිට සහ භාතිය සහ සන්තුෂ් වැනි ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චරිත පෙළක් මෙහි  නිරූපණයෙන් දායක වෙයි.

 මෙම වීඩියෝව මගින් දිවයිනේ බහුවිධ සුන්දරත්වය එළිදක්වයි.  ශ්‍රී ලංකාවේ  ආකර්ශණය ලොවට කියාපෑම මෙහිදී සිදුවන අතර ඒ සියල්ල  ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රබල පසුබිම තුළ සිදුවේ.

t

o

p