කිලෝග්‍රෑම් 323 ක ගංජා අත්අඩංගුවට

March 1, 2020

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් ඉකුත් ජයපුරම්, වෙරාවිල් ප්‍රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිබී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව නිවේදනය කරයි.

අදාළ ගංජා තොගය සහ ලොරි රථය මෙන්ම එය පදවන ලද සැකකාර රියදුරා ද අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයට ආසන්නයේම පිහිටි ඉරණමඩු විශේෂ බළකාය වෙත භාරදෙන ලදී.

t

o

p