රට පුරා මද්‍රසා පාසල් දහසකට අධික සංඛ්‍යාවක්

February 26, 2020

රට පුරා මද්‍රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 317ක් පමණක් බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ප්‍රකාශ කරයි.

මේ වන විට මද්‍රසා ආයතන 175ක් අලුතින් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇත.

මෙම සියලු ආයතනවල සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 27,000ක් පමණ වන බවද මුස්ලිම් දරුවන්ට පූර්ණ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු මද්‍රසා පාසල් සංඛ්‍යාව 50ක උපරිමයකට යටත් කළ යුතු බවද නිර්දේශ කරයි.

මෙරට මුස්ලිම් ප්‍රජාවෙන් සියයට දෙකක් අන්තවාදී මතවාද වෙත නැඹුරුවක් දක්වන බව වාර්තා වී ඇතැයි පවසන කාරක සභාව එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි බවද පවසා සිටී.

t

o

p