බ්‍රසීලයේ වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රකට රියෝ දි ජනයිරෝ සැණකෙළිය නිල වශයෙන් ආරම්භ වී ඇත.
රියෝ නගරයේ එලිමහන් පීඨිකාව අසලින් ආරම්භ කෙරුණු මෙවර පාගමන සදහා සුපුරුදු පරිදිම වීදි නර්තන කණ්ඩායම් සියගණනක් එක්ව සිටියේය.
වාර්ෂිකව පැවැත්වෙන රියෝ දි ජනයිරෝ සැණකෙළිය නැරඹීම සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බ්‍රසීලය වෙත පැමිණෙයි.