ශ්‍රී ලංකාවට එක් කඩුල්ලක තියුණු ජයක්

February 23, 2020

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගය තියුණු තරගයකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේය.

කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළ  අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුකදී කඩුලු 9ක් දැවී එම ඉලක්කය පසු කර ගිය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක් විය.

එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

t

o

p