රජයේ මුදල් පිළිබද කාරක සභාවේදි පනත් කෙටුම්පත් 03කට අනුමැතිය

February 19, 2020

රජයේ මුදල් පිළිබද කාරක සභාවේදි පනත් කෙටුම්පත් 03කට අනුමැතිය
පාර්ලිමේන්තුවේදි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ජේ සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී පනත් කෙටුම්පත් 03කට අනුමැතිය හිමිවිය.

ජාතිය ගොඩනැගීමේ බද්ද (සංශෝධන) ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) සහ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත්වලට මෙලෙස අනුමැතිය හිමිවු අතර එම පනත් කෙටුම්පත් ලබන පෙබරවරි 20 වැනිදා පාර්ලිමේන්තුවේ අවසන්වර කියවීම සදහා ඉදිරිපත් කරනු ඇත.

එමෙන්ම පසුගිය පෙබරවාරි 05 වැනිදා ලබා දුන් නියෝගය ප්‍රකාරව මහ බැංකුව විසින් වෝහාරික විගණනය පිළිබදව සකස් කළ නිරීක්ෂණ මුදල් පිළිබද කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමද මෙහිදී සිදුවිය.

කෙසේ නමුත් බැදුම්කර සිදුවීමට අදාළ ආයතනය මහ බැංකුව වන බැවින් එම ආයතනය විසින් ලබා දෙන නිරීක්ෂණ සාකච්ඡාවට ලක් කිරීම සදාචාර සම්පන්න නොවන බැවින් ඒ පිළිබදව සාකච්ඡා කිරීම වෙනත් දිනයකට කල් තැබීමට තීරණය විය.

මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන සුසන්ත පුංචි නිළමේ,තාරක බාලසූරිය සහ කාංචන විජේසේකර යන මහත්වරුන්ද මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා ,බිමල් රත්නායක ,මයන්ත දිසානායක ,මහාචාර්ය ආශු මාරසිංහ සහ වෛද්‍ය මොහොමඩ් ස්මයිල් යන මන්ත්‍රීවරුන්ද සහභාගි විය.

t

o

p