කොදෙව්වන්ට එරෙහි ක්‍රිකට් තරගයෙන් උපුල්ගේ පිලට පහසු ජයක්

February 18, 2020

කලෙකට පසුව සිය පිතිහරඹ දස්කම් මැනවින් විදහා දැක්වූ උපුල් තරංග නායකත්වයෙන් ඉනිමක් ක්‍රීඩා කරමින් රැස් කළ විශිෂ්ට ශතකය මතින් ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම පී.සරා ඕවල් පිටියේ දී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින පුහුණු තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ 35 හැවිරිදි උපුල් තරංග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් අගනා ලකුණු 120ක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණයට කදිම දායකත්වයක් ලබාදුන්නේය.

t

o

p