අලියා ලකුණ අත හැරිය හොත් යළිත් ලකුණ දීම පිළිබඳව කිසිදු සහතිකයක් දිය නොහැකියි

February 18, 2020

අලියා ලකුණ අත හැරිය හොත් යළිත් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ ලැබීම සම්බන්ධයෙන් කිසිදු සහතිකයක් දිය නොහැකි බව ජාතික මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ට දැනුම් දී තිබේ.

අලියා ලකුණ පමණක් නොව හංසයා ලකුණ ද අත් හැරිය හොත් එම ලකුණු මැතිවරණ කොමිසමේ පක්ෂ ලකුණු ලේඛනයට ඇතුළත් වන බැවිනි යළිත් එම පක්ෂවලට පැරණි ලකුණ දීම පිළිබඳව කිසිදු සහතිකයක් දිය නොහැකි යැයි මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර ඇත.

ජාතික මැතිවරණ කොමිසම මෙම දැනුම්දීම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ හමු වූ අවස්ථාවේදී ය.

කිසියම් නීත්‍යානුකූල පක්ෂයක් සිය ලකුණ අත්හැරිය විට එය මැතිවරණ කොමිසමේ ලකුණු ලැයිස්තුවට ඇතුළත් වන බවත් ලැයිස්තු මේ ලකුණු පක්ෂවලට නිකුත් කිරීම කුසපත් ඇදීමෙන් සිදුවන බවත් මැතිවරණ කොමිසම එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් හමුවේ පැහැදිලි කර තිබේ.

මේ තත්ත්වය යටතේ අලියා ලකුණ මෙන්ම හංසයා ලකුණ පක්ෂයට මාරු කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

t

o

p