ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර

February 17, 2020

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේ මෙම හමුදා කඳවුරට පිහිටා ඇත.

“විදෙස් හමුඳා රැඳී සිටින ජාත්‍යන්තර කලාපයට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වුණා. ඉන් කිසිවකුටත් හානියක් වුණේ නැහැ” යැයි ඒකබද්ධ හමුදාවල ප්‍රකාශක මයිල්ස් කැගින්ස් පැවැසීය.

ජාත්‍යන්තර කලාපය ලෙස හැඳින්වෙන කලාපය හරිත කලාපය ‘ග්‍රීන් සෝන්’ යනුවෙන් ද හැඳින්වේ. එම කලාපයට කතුෂා රොකට් ප්‍රහාර තුනක් එල්ල කළ බව ඉරාක සන්නද්ධ හමුදා සඳහන් කළේය.

ඇමෙරිකාවට අයත් කඳවුරකට සහ හෂීද් සංවිධානයේ කඳවුරකට එකම අවස්ථාවේදී ප්‍රහාර එල්ල වීම අසාමාන්‍ය සිදුවීමක් වන අතර ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ඉරාක සන්නද්ධ ජාලයේ දැඩි අන්තවාදී කණ්ඩායමක් යැයි ඇමෙරිකාව චෝදනා කළේය.

t

o

p