ලොකු ළූණු කිලෝව රුපියල් 280යි

February 17, 2020

ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්‍රී ලංකාවට ලොකු ළූණු ආනයනය කළ බවත්, පවතින කොරෝනා වයිරසය පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් මේ වනවිට රටවල් ගණනාවකින් ළූණු ආනයනය නවතා ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.

මේ හේතුවෙන්,  වෙළඳපොලේ ලොකු ළූණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින අතර, අද (17) වනවිට ලොකු ළූණු කිලෝව රුපියල් 280 ඉක්මවා ඉහළ ගොස් තිබිණි.

t

o

p