අප්‍රිකාවේ පළඟැටියන් ලංකාවට පැමිණීමේ අවදානමක්

February 17, 2020

අප්‍රිකාවේ සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

විශාල රංචු වශයෙන් පළඟැටියන් වාර්තා වන්නේ නම් වහාම ඒ පිළිබඳ ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කියා සිටියේය.

t

o

p