සජිත්ට හදවත නැතැයි මැකෝ කියයි

February 15, 2020


හදවත ලාංජනය තවමත් කිසිදු පක්ෂයකට දී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂ නිතීජයින්ට දැනුම් දී ඇත 

අපේ ජාතික පෙරමුණ පක්ෂය සමගි ජන බලවේගය නමින් වෙනස් කරන ලෙසත් එහි ලාංජනය වන දුරකතනය ආදර හදවත ලෙස වෙනස් කරන ලෙසත් මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දී තිබේ 

එම නිසා තවමත් හදවත ලාංජනය කිසිවෙකුට දී නැති බැවින් තවම තිබෙන්නේ දුරකතන ලාංජනය බවද මහින්ද දෙශප්‍රිය මහතා කියා ඇත 
සජිත් ප්‍රේමදාස පාර්ශවය සමගි ජන බලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කල බව කියමින් පුරුදු ලෙස ජනතාව මුලාකර තිබෙන බව පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය 

t

o

p