88-89 උද්ඝෝෂකයන්ට අරලියගහ මැදුරෙන් කිරි කෝපි

February 15, 2020

අතුරුදන් වූ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් 6000ක දීමනාවක් ලබා ගැනීම, අතුරුදන්වූවන් වෙනුවෙන් වන්දි ලබා ගැනීම, රජයේ රැකියා ලබාදීමේ දී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයකුට අවස්ථාවක් ලබා ගැනීම, ඉඩම් හා නිවාස ලබා ගැනීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම, යුක්තිය ඉටු කරවා ගැනීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව උද්ඝෝෂණක නිරත වූහ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂ රජය සමයේ අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ කර දෙන ලෙස ඉල්ලමින් 88 – 89 අතුරුදන්වූවන්ගේ පවුල්වල සංවිධානය‘ විසින් අරලියගහ මන්දිරය අභියස ද උද්ඝෝෂණයක නිරත වූහ.

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උද්ඝෝෂණකරුවන් අරලියගහ මන්දිර පරිශ්‍රයට කැඳවා ඔවුන් වෙනුවෙන් කිරි කෝපි සංග්‍රහයක් ද පැවැත්වීය.

t

o

p