ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය එම ප්‍රදේශයේ මහජනතාවට අපූරු දැනුම්දීමක් සිදුකර ඇති බව දැකගන්න ලැබුනා.
ජලභීතිකා පාලන අඥාපනතට අනුව තමන්ට අයත් වපසරිය තුළ රැඳී සිටින හා තමන් විසින් ආහාරපාන ආදිය දී සලකන සුනඛයින්ගේ අයිතිකරු ලෙස අදාළ පුද්ගලයා එම සුනඛයන් විසින් සිදුකරන සියලු පීඩාකාරී කටයුතු සම්බන්ධයෙන් වග වගඋත්තරකරුවන් වන බවත්,අදාළ ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට ආහාර ලබා දෙන බවත් රෝග පීඩා ආදියට සලකන බවත් නගර සභාව විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂණයේදී එම ප්‍රදේශවාසීන් පිළිගෙන ඇති බැවින්,එසේ සුනඛයන්ට සලකන පුද්ගලයන් එම සුනඛයන් තම වපසරිය තුළ රඳවා ගතයුතු බවත් විදි වලට මුදා නොහැරිය යුතු බවත් අවධාරණය කොට ඇති නිවේදනයේ එසේ ක්‍රියා නො කරන්නන්ට එරෙහිව ජලභීතිකා ආඥා පනත සහ මහජන පීඩාකාරී පනත අනුව කටයුතු කරන බව දැනුම් දී තිබෙනවා
අපේ රටේ දැනට ජලභීතිකා රෝගය මර්ධනය කිරීම පිනිස යොදාගනු ලබන්නේ 1956 අංක 23 දරන පනතින් සංශෝධිත 1893 අංක 7 දරන ජලභීතිකා ආඥාපනතයි.
මෙම පනතේ පරමාර්ථය වූවේ මාරාන්තික ජලභීතිකා රෝගය මර්ධනය කිරීම මිස සුනඛයන් සංහාරය කිරීම නොවෙයි.
සුනඛයා යනු මිනිසාගේ ළඟම හිතවත් සත්වයායි.
මිනිසා සහ සුනඛයා අතර මෙම හිතවත් භාවය වසර 30000 කට වඩා අතීතයකට දිවයන බව තහවුරු වෙලා තියෙනවා. සුනඛයන් අයත්වන්නේ වෘක පවුලට.
ව්ද්‍යාත්මකව කියනවා නම් Canis පවුලට.ඉන් මිනිසා ආශ්‍රිත වත්මන් ගෘහස්ත සුනඛයන් හඳුන්වන්නෙ .Canis lupus familiaris. නමින්. ඈත අතීතයේදී මිනිසුන් ජීවත්වූ කූඩාරම් ආශ්‍රිතව ඉවතලන කෑම ආහාරයට ගැනීම සඳහා මිනිසුන් ආශ්‍රයට පැමිණුන බවට සැලකෙන මෙම සතුන්,ඉන් අනතුරුව ඒ අවධියේ ආහාර සොයමින් තැනින් තැනට සංක්‍රමනය වු ආදි මානවයන් සමගින් ඔවුන් එක්ක ගමන්ගත් බවට සාධක තියෙනවා.
ජර්මනියේ බොන් නගරයේ පුරාවිද්‍යාත්මක කැනීමකදි මිනිස් සිරුරක් අසල මිහිදන් කළ සුනඛයෙකුගේ ඇටසැකිල්ලක් හමුවී තියෙනවා. කාළ නීර්ණය අනුව එය වසර 14200 ක් පැරණි බව තමා නිගමනය වී තියෙන්නේ.මෙය මිනිසා සහ සුනඛයා අතර තිබූ දිගුකාලීන මිත්‍ර කම තහවුරු කරන්නක්. .අතීතයේ දඩයම් සොයා යාමට මෙන්ම මිනිසාගේ ආරක්ෂාවටද සුනඛයන් උපකාරීවී තියෙනවා.
අනෙකුත් සතුන්වාගේ නෙවෙයි, සුනඛයින්ට හොඳ මතකයක් තියෙනවා.විවිධ වර්ගයේ ලේබල 200 ක් වෙන් වෙන්ව හඳුනාගැනීමට හැකියාව පවතින බවත් සතියකට පසුවත් එම මතකය එලෙසින්ම පවතින බවටත් පරීක්ෂණ මගින් තහවුරු කරලා තියෙනවා. එපමණක් නොවෙයි.
ඔවුන්ට මිනිසා මගින් ලබාදෙන වාචික විධානයන් දහසකට අධික ප්‍රමාණයක් මතකයේ තබාගනිමින් නිවැරදිව ඒවාට ප්‍රතිචාර දක්වන්න පුලුවන්.වෙනත් කිසිම සතෙකුට වඩා මිනිසුන්ගේ ශාරීරික භාෂාව.(Body language).. කියවීමට සුනඛයන්ට පුලුවන්.
මිනිසා ආශ්‍රයකිරීම නිසාවෙන්ම මේ සත් සතුන්ගේ සිරුර අනෙක් වෘක වර්ගයේ සතුන්ට වඩා කාබෝහයිඩ්‍රේඩ වැඩි ආහාර වලින් ජීවත්වෙන්න හැඩගැහිලා තියෙනවා. එපමණක් නොවෙයි මිනිසා සමග තියෙන මේ දිගුකාළීන බැඳියාව නිසාවෙන්ම මෙම සතුන්ට කැළෑවේ ජීවත්විමේදී ඇතිවන ගැටලු සඳහා සුදුසු විසඳුම් සොයාගැනීමේ හැකියාවද අහිමිව ගොස් ඇතිබව ඕස්ට්‍රේලියාවේ වෙසෙන කැළෑ බල්ලන් විශේෂයක් (Canis lupus diango) යොදාගනිමින් කළ පරීක්ෂණයකින් සොයාගෙන තියෙනවා.
මිනිසාගේ දිගුකාලීන මිතුරා බල්ලා බව සනාථ වන තවත් කරුණක් තියෙනවා. මිනිසුන් දෙදෙනෙක් දෑසින් දෑස බලාගෙන සිටින විට ඔවුන් අතර එකිනෙකා කෙරෙහි ඇතිවන බැඳීම ඇතිවන්නේ මොළයෙන් ” ඔක්සිටොසීන් “(oxytocin) නම් රසායනිකය ශ්‍රාවය කිරීම හේතුවෙන්. ඔබ දන්නවාද බල්ලෙකුගේ ඇස්දෙක දෙස බලාසිටින විටත් මිනිසාගේ මොළයෙන් ඔක්සිටොසීන් ශ්‍රාවය වන බව?
සත්ව ලෝකයේ සතුන් අතුරින් මිනිසාව සිය අවශ්‍යතා සපුරාගැනීම සඳහා හොඳින්ම යොදාගන්නේත් සුනඛයායි.
අපගේ මානසික ආතතියන් දුරුකිරීම සඳහාද බලු සුරතලුන් බෙහෙවින් උපකාරී වෙනවා.තම ස්වාමියා මියගිය විට දින ගනණක් ආහාර නොගෙන ශෝක වන බල්ලන් ගැන,ස්වාමියාගේ සොහොන අසල දින ගණනාවක් තනිරකින බල්ලන් ගැනත් විටින් විට වාර්තා වෙනවා. අපේ රටේ සමහර අයත් සිය ආදරණීය සුනඛයා මියගියවිට පෙට්ටියක දමා,ආගමික වතාවත් සිදුකර භූමිදානය කරන බව පෙනෙන්න තියෙනවා.
මෙම පසුබිම මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නියෝගය කෙතරම් සාධාරණද යන්න සලකා බැලිය යුතු වෙනවා. හිමිකරුවන්, නොමැතිව දරුවන් විශාල ප්‍රමාණයක් ළමා නිවාසවල ඉන්නා අපේ රටේ,අයිතිකරුවන් නොමැති සුනඛයින්ද විශාල ප්‍රමාණයක් ජීවත්වන බව සත්‍යයක්.බල්ලෙක් වෙලා ඉපදීම ඒ සතාගේ වරදකින් වන්නක් නොවෙයි.
එසේ වූ පමණින් එම අසරණ සතුන්ට ආහාර ලබාදීම තහනම් කිරීම සාධාරණ වන්නේ කෙසේද? ඔවුන්ට රැකියාවක් කරලා පඩියක් අරන් හෝටලයකින් කන්න හෝ උයාපිහාගෙන කන්න හෝ හැකියාවක් නොමැති බව නොවැටහෙන්නේද? එසේ නම් මෙම නියෝගයට අනුව එම බල්ලන් නිරාහාරව මිය යා යුතුද?
උක්ත පනතේ කිසිදු තැනක,හිමිකරුවන් නොමැති සුනඛයින්ට ආහාර ලබාදීම වැලැක්වීමට ප්‍රතිපාදන නැහැ. ජලභීතිකා රෝගය පැතිරයාම වැලැක්වීම සඳහා නිරතුරුවම එම සුනඛයා ජීවත්වන සහ කෑම ලබා දෙන නිවසේ හිමිකරුට වගකීම් පැවරීමක් තමා මෙම පනතින් සිදුකොට තියෙන්නේ. එ මගින් මහ මග යන බල්ලන්ට ආහාරවේලක් ලබාදුන් පමණින් එම පුද්ගලයා එම බල්ලාගේ හිමිකරු වන බවක් දක්වා නැහැ.
ඒ නිසා එවන් දානයක් දෙන පුද්ගලයෙකුට එරෙහිව ක්‍රියාත්මක කරන්නේ කවරමය නීතිමය ප්‍රතිපාදනයන්ද යන්න ගැටලු සහගත වෙනවා. ජලභීතිකාව මර්ධනයට,බල්ලන්ගේ බෝවීම පාලනය කිරීමට අදාල පනතේ ප්‍රතිපාදන උපයෝගී කරගනු මිසක බෞද්ධ රටක මිනිස්සුන්ට සතෙකුට කෑම දීම තහනම් කිරීම විහිලුවට කරුනක්.
එසේම කිසිදු සතෙකුට කෑම නොදී සිටීමට කවුරුන්හෝ නියෝග කරයි නම් එය මනුෂ්‍යත්වයට,සාරධර්ම වලට කරන බරපතල හානියක් මෙන්ම සත්ව අයිතිවාසිකම් ද උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දිය යුතු වනවා.
එසේම බස්නාහිර පළාත් සභාවේ මහජන පීඩා වැළැක්වීමේ පිඩා වැලැක්වීමේ ආඥා පනතේ හෝ වෙනත් ආඥා පනතක මේ සම්බන්ධව දඬුවම් ලබා දිය හැකි ප්‍රතිපාදන නැහැ .
යම් අයුරකින් එසේ අධිකරණය වෙත යම් පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමට නගර සභාව විසින් කටයුතු කරන්නේ නම් එය ඉතා කාලෝචිත පියවරක් වනු ඇත .වසර 2007 සිට රජයේ විසින් ජලභීතිකා මර්දනය සඳහා සුනඛයන් මරාදැමීම නවතා ඇති බැවින්,ඔවුන්ට ආහාර පාන ආදිය ලබා නොදී ,රෝග පීඩාවලට පීඩා වලට ප්‍රතිකාර ලබා නොදී මරණයට පත් කිරීමට මහජනයා කටයුතු කළ යුතු බව ට යම් පළාත් පාලන ආයතනයකට නියෝග කළ හැකිද යන්න අධිකරණයේ දී එවිට ප්‍රශ්න ගතවනු ඇත.
පළාත් පාලන ආයතන විසින් සිදු කළ යුත්තේ සිදු කළ යුත්තේ මෙවන් අශීලාචාර,අමානුෂික නියෝග නිකුත් කිරීම නො ව සුනඛයන් බෝවීම පාලනය කිරීම සහ ජල භීතිකාව වැළැක්වීම පිණිස සුනඛයන් එන්නත් කිරීම බව අවධාරණය කළ යුතු වෙනවා
නීතිඥ,වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ
LL.B (OUSL)
M.B.B.S (Peradeniya)
cer.psychology and counseling
ජාතිකරෝහල මහනුවර
තිලක් සේනාසිංහ