කථානායක අගරදගුරු හමුව

February 12, 2020

කථානායක කරු ජයසුරිය මහතා අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් අගරදගුරු නිල නිවසේ දී බැහැ දැකීය.

කථානායක ධූරයේ වගකීම ඉටු කිරීමේ දී මෙන්ම, දේශපාලන ජිවිතය පුරාම රට වෙනුවෙන් අවංකව කැපවිමෙන් සේවය කල ජනතා නායකයෙකු ලෙස කරු ජයසුරිය මහතා පිළිබඳව තමන්තුල විශාල ප්‍රසාදයක් ඇති බව මෙම හමුවේදී සඳහන් කල අගරදගුරුතුමන් කථානායකවරයාට තවදුරටත් රට වෙනුවෙන් සේවය කිරීමට සිය පූර්ණ ආශීර්වාදය පලකරන බවද පැවසීය.

ආගමික මෙහෙවර හැරුනු කොට රටේ සමස්ථ ජනතාවගේ සහජීවනය වෙනුවෙන් ද ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන්ද නිරන්තරයෙන් මග පෙන්වමින් අගරදගුරුතුමන් ඉටුකරන පරමාදර්ශී මෙහෙවර අගය කල කථානායකවරයා තමට සිය කථානායක ධූර කාලය තුල නිරන්තරයෙන් දුන් අවවාද මග පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බව ද පැවසීය.

කරු ජයසුරිය මහතාගේ වන චරිතාපදාන කෘතියේ මුල් පිටපතක් ද අගරදගුරුතුමන් වෙත පිරිනැමීය.

t

o

p