ගිණිකොණ මුහුදේ භූ කම්පනයක්: සුනාමි අවදානමක් නැහැ

February 12, 2020

ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව භූ කම්පනයක් සිදු ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද අලුයම 2.34 ට පමණ හම්බන්තොටට කිලෝමීටර් 240 ක් පමණ ගිණිකොණ මුහුදේ මෙම භූ කම්පනය සිදු ව ඇති බවයි.

කිලෝමීටර් 10 ක් මුහුදු පතුලේ සිදු වූ මෙම භූ කම්පනයෙ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.4 කි. සුනාමි අවදානමක් නොමැති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

t

o

p