සජිත් ප්‍රේමදාස අලියාට විරුද්ධ වෙයි ආදර හදවත ඕනා කියයි

February 11, 2020


ඉදිරි මහ මැතිවරණයට ජාතික සමගි බලබලවේගය සන්ධානයෙන් ආදර හදවත ලකුණින් තරග කිරීමට සජිත් ප්‍රේමදාස ගෙනා යෝජනාවට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය විරුද්ධ වීම නිසා ඔහු ඉන් පිටව ගොස් ඇත .

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය ප්‍රකාශ කර ඇත්තේ අලියා ලකුණින් තරග කල යුතු බවකි .

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය  .


එහිදි අලුතින් පිහිටුවීම ට යන නව සන්ධානයේ මහලේකම් ලෙස පත්වූ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවිය 
පසුව ජාතික සමගි බලවේගය පක්ෂය ක් ලෙස මැතිවරණ කොමිසම හමුවේ ලියාපදිංචි කිරීමට බාර්දී ඇති බවත් එහි ලකුණ ආදර හදවත බබවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරද්දී ඊට වීරෝධය පළ කළ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතර සාමාජිකයන් කියා ඇත්තේ අලියා ලකුණින් තරග කළ යුතු බවයි.


ඊට විරොධය පල කරමින් සජිත් ප්‍රේමදාස මහතා පිටව ගිය පසු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ සන්ධානයේ ලාංජනය සම්බන්ධයෙන් තීරණය ක් ගැනීමට උපදේශක මණ්ඩලය ට බාර දෙන බවයි
ඒ අනුව උපදේශක මණ්ඩලය රැස්වී ලබන සිකුරාදා ලාංජනය සම්බන්ධයෙන් වන තීන්දුව ලබන සිකුරාදා ලබාදීමට නියමිතය.

t

o

p