හලාවත ගුටි බැට හුවමාරුවකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු රෝහලේ

February 8, 2020

හලාවත – කටුපොත වැවේ දී සිදුවී ඇති ගුටි බැට හුවමාරුවකදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත වී ඇති බව ආරංචි මාර්ග පවසයි.

ගැටුමෙන් තුවාල ලබා ඇති ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී වර්ණකුලසූරිය චමින්ද නිරෝශන් සහ කටුපත – බුරුතකැලේ පදිංචිකරුවෙකු වන ජුඩ් ප්‍රසන්න යන දෙදෙනා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත.

කටුපොත වැවේ රොන් මඩ ඉවත් කිරීම සදහා කොන්ත්‍රාත්තුව ලබා ගෙන ඇති අය සහ දේශපාලනයට සම්බන්ධ දෙපාර්ශවයක් අතර මෙම ගැටුම හට ගෙන ඇති බව පොලීසිය කියයි.

t

o

p