රන්ජන්ගේ හඩ පට වල ප්‍රභූන්ට අපහාස විය හැකි දෑ ඉවත් කරයි

February 8, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති දුරකථන හඬපට ඇතුළත් සී.ඩී. තැටිය පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා විය.

ජාතික වශයෙන් අගතියක් විය හැකි කරුණු, ප්‍රභූ පුද්ගලයන්ට අපහාස විය හැකි කරුණු හා පාර්ලිමේන්තුවට නොගැලපෙන වචන ඉවත් කර කථානායක කරු ජයසූරිය මහතා වෙත ලබා දෙන ලෙස කාරක සභා සාමාජිකයෝ මෙහිදී පාර්ලිමේන්තු නිලධාරීන් වෙත  දැනුම් දුන්හ. 

t

o

p