කොප්, කෝපා සභාපති පුටු යළි හදුන්නෙත්තිට හා අලගියවන්නට

February 7, 2020

‍පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිධූරයට සුනිල් හදුන්නෙත්ති මහතාත් රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා හි සභාපතිධූරයට ලසන්ත අලගියවන්න මහතාත් යළි පත්ව තිබේ.‍

ම‍ෙම කාරක සභා දෙක අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි රැස්වූ අවස්ථාවේදි කාරක සභා සාමාජිකයන්ගේ යෝජනා සම්මතයෙන් යළිත් හිටපු සභාපතිවරුන්වම පත් කරගෙන ඇත.

ලසන්ත අලගියවන්න මහතාගේ නම උදය ගම්මන්පිල මහතා විසින් යෝජනා කර ඇති අතර චන්දිම වීරක්කොඩි මහතා විසින් එය අනුමත කර තිබේ. සුනිල් හදුන්නෙත්ති මහතාගේ නම අජිත් පි පෙරේරා මහතා විසින් යෝජනා කර ඇති අතර අශෝක් අබේසිංහ මහතා විසින් එය ස්ථිර කර තිබේ.

t

o

p