ඇමතිවරුන්ට වාහන ගන්න ඉකුත් රජය රුපියල් ලක්ෂ 28000 ක් වැය කරලා

February 7, 2020

යහපාලන ආණ්ඩුව පත්වූ 2015 ජනවාරි 08 දා සිට එය අවසන් වන කාලය දක්වා කැබිනට් ඇමතිවරුන්ට, රාජ්‍ය ඇමතිවරුන්ට හා නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 28000 ක් වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි අද (07) හෙළිදරව් කළේය.

කැබිනට් අමාත්‍යවරුන්ට වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 1.65 ක් ද, රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 652.85 ක්ද, නියෝජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 564.99 ක්ද වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂ සංවිධායකවරයා හෙළි කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.‍‍

ම‍ෙහිදි අනුර කුමාර දිසානායක මහතා විමසා සිටියේ මෙම වාහන වෙන්දේසි කොට විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, පිළිකා රෝහලට ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම වැනි දේ කළ නොහැකි ද යන්නයි.

ඊට පිළිතුරු දුන් ජෝන්ස්ටන් ප්‍රනාදු මහතා කීවේ ගිය ආණ්ඩුවේ කටයුතු වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත් මැදිහත්ව ඇති නිසා මේ වියදම්වලට ඔවුන්ද වගකිව යුතු බවයි. එදා මෙලෙස මුදල් වියදම් කරද්දි එය නතර කිරිමට තිබූ බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

t

o

p